ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන වික්‍රමාදිත්‍ය නෞකාව සහ මයිසූර් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (21දා) කොළඹ වරායට පැමිණීමට නියමිතය.
ජනවාරි 24 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින මෙම ඉන්දීය නෞකා සුහදතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති වැඩසටහන් රාශියකටද සහභාගි වනු ඇත.
ඒ අනුව ජනවාරි අද (21දා) දින නෞකා භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී වශයෙන් පැමිණෙන ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා සහ නෞකා අණදෙන නිලධාරීන් වන කපිතාන් කේ. ස්වාමිනාදන් මහතා හා කපිතාන් එම්. පෝල් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට නියමිතය.
වික්‍රමාදිත්‍ය
මයිසූර්