සුදු හා රෝස යන වර්ණ දෙකම සහිත නෙලුම් මලක් අනුරාධපුර පූජා නගරයෙන් හමුවිය. අනුරාධපුර විහාර බුලංකුළම ගම්මානයේ ජය ශ්රී මහා බෝ සමිදුන් වහන්සේගේ ප්රධාන තේවාව සඳහා මල් සපයන ඩබ්ලිව්. ඒ. අධිකාරී මහතාට මෙම නෙලුම් මල හමු වී ඇත.
වසර 50 ක පමණ කාලයක සිට ජය ශ්රී මහා බෝ සමිදුන් සඳහා පූජා කිරීමට මල් වට්ටි සපයන මල් අලෙවිකරුවන් කිසිවකුටත් මේ අයුරින් වර්ණ දෙකක් සහිත නෙලුම් මලක් හමූවී නැතැයි ඔවුහු පැවසූහ.