ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 72825කට අයත් පුද්ගලයන් 294187ක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.පීඩාවට පත්ව සිටින ප්‍රමාණයෙන් පවුල් 4369කට අයත් පුද්ගලයන් 14181ක් ආරක්ෂිත කඳවුරු 169ක් තුළ රඳවා සිටින බව එම මධ්‍යස්ථානය ඊයේ (29දා) සඳහන් කළේය.
පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගල මරණ 105ක් වාර්තා වී තිබෙන අතර, පුද්ගලයන් 116දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය එම නිවේදනයෙන් සඳහන් කර තිබේ.පවතින කාලගුණ තත්ත්වය හමුවේ බස්නාහිර, වයඹ, දකුණ මධ්‍යම සහ සබරගමු යන පළාත්වලට අද (30දා) දිනය තුළද වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, කළුතර දිස්ත්‍රික්කවලට වැසි ඇති වන බැවින් එම ප්‍ර‘දේශවල පවතින කඳු නායයෑම්වලට ලක්විය හැකි බවත්, ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගංඟා ඉහළ ප්‍ර‘දේශවලට ඇති වී තිබෙන වර්ෂා තත්ත්වය නිසා කළු ගඟ පුටුපාවුල ප්‍රදේශයේ ජනතාව හා නිල්වලා ගඟේ පානදුගම සහ අත්තනගලු ඔයේ දුනුමලේ යන ප්‍ර‘දේශවල ගංගා පිටාර ගැලීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව කළු ගඟේ මිල්ලකන්ද හා ගිංගඟේ තවලම යන ප්‍ර‘දේශවල ඊයේ (29දා) සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (ජල විද්‍යා) පී. හෙට්ටිආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය තත්වයෙන් ඊයේ (29දා) දිනයේ පැවති බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
popular news
සහල් සඟවන්න කිසිම උවමනාවක් නෑ
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
වයස 73ක් වූ ඇයව වෙඩිතබා ඝාතනය කිරීමට තරම් වරද කුමක්ද?
නදීමාල් පෙරේරාට පහරදීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd