එළඹෙන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයන්ගේ පෝස්ටර අලවා ලංගම බස්රථ මැතිවරණ ප්රචාරක කටයුතුවලට යොදවාගෙන ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත තුළ ධාවනය වන ලංගම බස්රථ පිටුපස සහ ඇතුළත ඡන්ද අපේක්ෂකයන්ගේ පෝස්ටර අලවා තිබෙනු 'අද' කැමරාවට දැකගත හැකිවිය.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ පුත් සෙනාල් වෙල්ගම මහතාගේ ඡන්ද පෝස්ටර ප්‍රදර්ශනය කිරීමටද මෙලෙස ලංගම බස්රථ යොදාගෙන තිබීම විශේෂත්වයකි.
එමෙන්ම ලංගම ආයතනයේ සේවකයෙකු වන නිමල් අබේසිරි නැමැත්තාගේ පෝස්ටර උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථවල අලවා ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පෙන්වාදෙන්නේ මහජන ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස්රථයක මෙවැනි පෝස්ටර් අලවා ධාවනය කිරීම මෝටර් රථ ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරන බවයි. තවද එය නීති විරෝධී කටයුත්තක් සේම මහජන දේපළක් වන ලංගම බස් රථවලට හානිකිරීමක් බවද ඔවුහු පෙන්වා දෙති.
එම නිසා ලංගම බස්රථවල අලවා තිබෙන මෙම නීති විරෝධී පෝස්ටර් ඉවත් කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.
ඡායාරූප - කේ. මධුසංඛ , කැෆේ සංවිධානය