කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් එරට වීරයන් බවට පත්ව ඇති බව කොරියානු විදේශ අමාත්‍ය යුන් බියුන්ග් සේ මහතා අද(15දා) අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් ප්‍රකාශකර සිටියේය.
ඒ ගින්නකට මැදිවූ කොරියානූ මහලු කාන්තාවකගේ ජීවිතය බේරාගැනීමට කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයයෙකු සමත්වීමහා ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.
එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා දක්වන දායකත්වය ඉහළ නංවමින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 300 අධාර මුදල ඩොලර් මිලියන 500 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, නියඟයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජලබවුසර් ඇතුළු පහසුකම් සැපයීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ආයෝජන අවස්ථා වර්ධනය කිරීමටත් ලංකාවේ ක්‍රියාත්මක වන මෙගා පොලිස් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමටද දකුණු කොරියානු රජය කැමැත්තෙන් සිටින බවද ඒ මහතා සඳහන් කර සිටියේය.