'රොහින්ග්‍යා ජනතාව පිටුවහල් කරන්න'
රෝහින්ග්‍යා ජනතාව මෙරටින් පිටුවහල් කරන්නැයි සිංහල සංවිධාන කිහිපයක් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයෙන් අද (27) ඉල්ලීමක් කරනු ලැබීය.
රෝහින්ග්‍යා වැසියන් පිටුවහල් කිරීමට සහාය වන්නැයි රුසියානු තානාපති කාර්යාලයට සංදේශයක් බාර දෙමින් එම සංවිධාන මෙලෙස ඉල්ලා සිටියේය.
අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි මානව හිමිකම් කාර්යාලයටද සංදේශයක් බාරදීමට සිංහල සංවිධාන පා ගමනින් ගියේය.
මෙරට ආගමන විගමන නීතිරීතී උල්ලංඝනය කරමින් පැමිණ සිටින රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව තබා ගැනීම නීතිවිරෝධී බවත්, ඔවුන් ආරක්ෂා කිරීමට ඇමතිවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් කිහිප දෙනෙකු මැදිහත්වී සිටින බවත් තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ පවත්වමින් ඔවුහු පවසා සිටියහ.
ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි මහල් කිහිපයකින් යුතු ගොඩනැගිල්ලක රෝහින්ග්‍යා වැසියන් රඳවා තබා ගනිමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු මැදිහත්වී තිබෙන බව සිංහලේ සංවිධාන බලමුළුවේ මහලේකම් අරඹේපොල රතන හිමියෝ පැවසූහ.
ඡායාරූප- නිසල් බදුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








