ආගමික පොලීසියට විරෝධය පළ කරමින් එය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් රාවණා බලය සංවිධානය අද (28දා) බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට පැමිණියේය. ඒ පැඳුරුද රැගෙනය.
නමුත් පොලිස්පතිවරයා හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත උන්වහන්සේලා අමාත්‍යාංශයෙන් පිටව ගියහ.