එක්සත් ජාතික පක්ෂ 68 වැනි සංවත්සරයේදී එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම එකම වේදිකාවක සිට අත්වැල් බැඳගැනීම නිසා රටපුරා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් දැඩි සතුටට පත්ව තිබෙන බව වාර්තා වේ.
බදුල්ලේ පැවැති එම පක්ෂයේ 68 වැනි සංවත්සරයේදී මෙතෙක් විවිධ ගැටලු ඇති බව පවසමින් විවිධ මාර්ගවල ගමන්කළ පිරිස් එකම වේදිකාවක් මත හිඳිමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවට ප්‍රතිඥාවක් ලබාදුන්හ.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක