www.ada.lk
2022 ජුනි මස 29 වන බදාදා
රණවිරුවන් හා ත්රස්තවාදීන් තේරීම් ගැනීමේ හැකියාවක් නොමැති දේශපාලඥයින් ආණ්ඩුවේ හා විපක්ෂයේ සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජාතික රණවිරු සැමරුම් උත්සවයට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයෙදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අද ඇතැම් අය යුද්ධය පැවැති ආකාරය, මේලේච්ඡු එල.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබ`දව බොහෝ විට වැරදි විග්රහයන් කරනවා. වැරදි නිගමනයන් සිදු කරනවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රහාරවලින් මියගියේ සිංහල ජනතාව පමණක් නොවේ. මුස්ලිම් ජනතාව පමණක් නොවේ. ද්‍රවිඩ ජනතාව පමණක් නොවේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ නායකවරයෙක් වූ ද්‍රවිඩ නායකයෙක් වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් තරුණ උගත් දේශපාලනඥයෙක් වූ තිරුචෙල්වම් මුළු ලෝකයේම ගෞරවයට ආදරයට පාත්‍ර වූ අපේ විදේශ ඇමතිවරයෙක් වූ උගත් බුද්ධිමත් ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිතුමා එවැනි එක් එක් අංශ වශයෙන් ස`දහන් කළ හැකියි.
ත්රස්තවාදියා කවුද? රණවිරුවා කවුද? පැහැදිලි කරගැනීමට අද සමහර අයට නොහැකිවීම පිළිබ`දව මම කනගාටු වෙනවා. රණවිරුවා සහ ත්රස්තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින්ටත් තිබෙනවා. විපක්ෂයේ දේශපාලනඥයින්ටත් තිබෙනවා. මුදල් ඉපයීමට රට අවුල් කිරීමට සාදාගත් එන්.ජී. ඕ. වලටත් තිබෙනවා. මේ සියලු දෙනාටම ප්‍රශ්නයක් දෙස බලන විට ශ්‍රී ලාංකිකයින් නම් දේශීය චින්තනයක් තුළ අපේකම් තුළ අපේ උරුමයන් තුළ අපේ ශිෂ්ටාචාරයේ සහ සභ්‍යත්වයේ ගෞරවය සහ අනන්‍යතාවය තුළ රට ගැන ජනතාව ගැන සහ රණවිරුවන් ගැන සිතන්නට කියා මා ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා.
රටින් පිට විදේශයන්හි සිටින එල්.ටී.ටී.ඊ. ජාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානවල පුද්ගලයින් අදත් ඔවුන්ගේ සටන් පාඨය ඉදිරිපත් කරනවා. අපේ ආදරණීය මාතෘ භූමිය වෙන් කරන්න. ඔවුන් බලාපොරොත්තු වූ තවමත් බලාපොරොත්තු තබා ඇති ඊලාම් රාජ්‍යයක් පිළිබව සිහිනය සැබෑ කරන්න. එහෙත් මා ඉතා පැහැදිලිව කියනවා වර්තමාන රජය විදියට මේ රටේ පුරවැසියෙක් විදියට කිසිවිටකත් මේලේච්ඡු ත්රස්තවාදීන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානවල ඒ සිහින බලාපොරොත්තු කිසිවිටකත් ඉටුවීමට අප ඉඩදෙන්නේ නැති බව.”
popular news
LIOC ඉන්ධනහල් 116ට ඉන්ධන ලැබෙයි
ජවිපෙ සමග වැඩ කරන්න විමල්ගේ කැමැත්ත
සරත් වීරසේකර ගුටි නොකා අනූ නමයෙන් බේරෙයි
සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියට ගිනි තබා ඝාතනය කරයි
ඉන්ධන අර්බුදය ගැන තීරණාත්මක සාකච්ඡාවක්
අවුරුදු 100කට පසුව රුසියාවට විදේශ ණය ගෙවීමට නොහැකි වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd