www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ රණවිරුවන් උදෙසා, ඉදිකරන ලද නිවාස 90ක් බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි.
"සත්විරු සංහිඳ'' ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සඳහා රුපියල් හත්ලක්ෂ පනස්දහස බැගින් රණවිරුවන් 503 දෙනෙකුට මුදල් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.
රණවිරුවන් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර 65 ක් බෙදාදීම, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යත්ව පිරිනැමීම ආදී වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කරන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි මහත්වරුන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බළකායේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd