මැදිරිගිරිය යුදගනාව ප්‍රදේශයේ ගෙවත්තකට ඉතා දුර්ලභ ගනයේ සුදු මුව පැටියෙක් පැමිණ සිටියදී වනජීවී භාරයට ගත් බව ගිරිතලේ වනජීවී රැඳවුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහි පශු වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතා පැවසුවේ මෙම සුදු මුව පැටියා ඉකුත් (17දා) මැදිරිගිරිය, යුදගනාව, ප්‍රදේශයේ පදිංචි ඩබ්.එම්. ආනන්ද සිසිර කුමාර මහතාගේ නිවසට පැමිණ සිටිය දී කළ දැනුම්දීමෙන් පසු මේ සත්ත්වයා වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ආ බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පශු වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතා,
“මේ වගේ සතුන් ඉතාම දුර්ලභයි. ඇලි වර්ගයේ මුව පැටියෙක්. මෙම සත්ත්වයා දැන් සනීපෙන් ඉන්නවා. මේ වගේ උපත් සිදු වන්නේ ලක්ෂයකට එකක් වගේ. එ නිලීන ජානයක් ප්රමුඛ වීමෙනුයි මෙවැනි උපතක් සිදුවනුයේ” යනුවෙන් පවසා සිටියේය.