ශ්‍රී ලංකාවේ බෝහෝ දේශපාලකයන්ට වැස්සකදී හෝ අව්වකදී තමාම කුඩයක් ඉහළා ගැනීම යනු කලාතුරකින් සිදුවන්නකි. නමුත් අද (12දා) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණි අවස්ථාවේදී වර්ෂාව පැවැතියේය. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමා විසින්ම කුඩ ඉහළගෙන ගමන් කරනු ලැබීය. නමුත් මේ අවස්ථාවට එක්ව සිටි අනෙක් මැති අමතිවරුන්ට නම් කුඩ ඉහළීමට ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කළේය.
ඡායාරූප - රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ රංග කලන්සූරිය මහතාගේ හා නිශාන්තන්ගේ ට්විටර් ගිණුම් ඇසුරෙනි