මොරගහකන්ද ජල ව්‍යපෘතිය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාරම්පරික ගම්මාන 06ක් ලංකා සිතියමින් මැකී යන බව ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව කඹරව, ගල්පෝරුගොල්ල, ඇලගමුව, තලාගොඩ, කඩවත, මැදපිහිල්ල යන ග්‍රාම නිලධාරී වසම් මේ අනුව මහා ජල කඳකින් පිරීයන අතර, ලංකා සිතියමේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහත ගම්මාන හය යළි කිසි දිනෙක දැක ගැනීමට නොහැකි වනු ඇති බව ඔවුහු පවසති.
මීට අමතරව කොන්ගහවෙල හා රජාවෙල ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොටසක්ද ජලයෙන් යටවීමට නියමිත බව ව්‍යපෘති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර
