(VIDEO) අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ ආබාධිත රණවිරුවන් සඳහා රුපියල් 1,700,000 වටිනා සිටගැනීම පහසු කරවන රෝදපුටු (Standing wheelchair) බෙදාදීමක් අද (26දා) චීන තානාපති ආර්යා Din yue මහත්මියගේ සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපති අනෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අත්තිඩියේදී සිදුකෙරිණි.
මිහිඳු සෙත්මැදුරේ අණදෙන නිලධාරී කර්නල් වජිර කාරියවසම් මහතා ප්රමුඛ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.
මේ ප්‍රවෘත්තියට අදාල වීඩියෝව පහතින් නරඹන්න
චාමර සම්පත්/ඉසුරු පෙරේරා