මාලි සාම සාධක මෙහෙයුම් සඳහා ලංකාවෙන් භට කණ්ඩායමක්
එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ භට පිරිස් යොමුකිරීමේ තවත් අදියරක් වශයෙන් බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයට භට පිරිස් දෙසීයකගෙන් යුතු සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයක් පිටත් කිරීම සඳහා කටයුතු සූදානම් කොට ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.
මෙම සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය රෙජිමේන්තු 10කට අයත් සාමාජිකයන් 200 දෙනෙකු ගෙන් සමන්විත වන අතර, භට පිරිසෙහි අණදෙන නිලධාරී ලෙස ලුතිතන් කර්නල් කලණ අමුණුපුර හා දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් හසන්ත හැන්නදි රාජකාරි ඉටුකරනු ඇත.
ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන් වැඩි පිරිසකගෙන් සමන්විත මෙම සාම හමුදා භට කණ්ඩයට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය, ඉංජිනේරු සේවා බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයන් සහ 1 වන කාණ්ඩයේ රෝහලක් සමගින් නිලධාරීන් 16ක් හා සෙසු නිලයන් 184ක භට පිරිසකින් සමන්විත වනු ඇත.
ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් 19,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා යුධ නිරීක්ෂකයන් (156), මාණ්ඩලික නිලධාරීන් (150) හා මාණ්ඩලික නිලධාරී සහායකයන් (04) ඇතුළුව සාම සාධක මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








