මළව ඔය හරහා තම ගමට ගමන් කිරීමට පාලමක් නොමැතිකමින් ගලේවෙල, පල්ලන්යාය ගම්වාසීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
තම ගමේ මළගෙයක් වූ විට මළසිරුර කනත්ත වෙත රැගෙන යා යුත්තේද මළව ඔය හරහා බවත්, එසේ නොයන්නේ නම් කිලෝමීටර් හය හමාරක පමණ දුරක් ගෙවා කනත්ත වෙත යා යුතු බවත් ප්රදේශවාසීහු පවසති.
මෙම ගම්මානයේ පවුල් පණහක් පමණ ජීවත් වන බවත්, පාලමක් නොමැති වීම හේතුවෙන් එම සියලුම දෙනා දිනපතා දැඩි අපහසුතාවට පත්වන බවත් ඔවුහු සඳහන් කරති.
මේ පිළිබඳව නිසි අවධානයක් යොමුකර තවදුරටත් ජනතාව අපහසුතාවට පත්නොකර මළව ඔය හරහා කඩිනමින් පාලමක් ඉදිකර දෙන්නැයි පල්ලන්යාය ගම්වාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ප්රදේශවාසියෙකුගේ මළසිරුරක් රැගෙන පල්ලන්ගම ගම්වාසීන් දැඩි අපහසුතාවකින් යුතුව මළව ඔය හරහා ගමන් කරන අයුරු ඊයේ (27දා) 'අද' කැමරා කාචයේ මෙසේ සටහන් විය.