පාදයකට බරපතළ තුවාල සිදුව දින ගණනාවක් තිස්සේ කොට්ටුකච්චිය, ආඩියාකඩවල වැවේ වනජීවී පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබමින් සිටි මදුරගම ඇතා පෙරේදා (22දා) මරණයට පත්වූ බව වනජීවී නිලධාරීහු පවසති.
වයස අවුරුදු 35ක් පමණ වන මෙම ඇතා මදුරගම ප්‍රදේශයේදී පාදයේ අබාධ සහිතව අසාධ්‍යව සිටින බවට ප්‍ර‘දේශවාසීන් විසින් වනජීවී නිලධාරීන්ව දැනුවත් කර තිබිණි.
ඒ අනුව අවස්ථා කිහිපයකදී ඇතා සැරිසරමින් සිටි ප්‍රදේශ රැසකට වනජීවී පශු වෛද්‍යවරුන් ගමන්කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබිණි. අනතුරුව පසුගිය 19 වැනිදා මෙම ඇතා පාදයේ තිබූ බරපතළ තුවාලයක් හේතුවෙන් අසාධ්‍යව ආඩියාකඩවල වැවේ වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබිණි.
ඒ අනුව නැවත ප්‍රතිකාර ලබාදීමට වනජීවී පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ හා ඉසුරු හේවා කොට්ටගේ යන මහත්වරුන් දැඩි උත්සාහයක් ගත්හ. නමුත් පාදයක තිබූ තුවාලයේ බරපතළ තත්ත්වය හේතුවෙන් වේදනා විඳිමින් සිටි ඇතා ඊයේ (22දා) රාත්‍රියේ මරණයට පත්ව තිබිණි.
මරණයට පත් ඇතා වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරීමට අද (23දා) වඩත්ත සරානන්ද පිරිවෙණේ වඩත්තේ සෝමානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය කටයුතු කළහ. ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23දා) පැවැත්වීමට නියමිතව තිබිණි.