‘ශ්රී ලංකා ක්රිකට්’ ලෝකයේ ඉහළින්ම තබන්නට හිනිපෙත් තැනූ දැවැන්තයන් දෙදෙනා ඊයේ (16දා) මවුබිමට හා ආදරණීය ක්රීඩා ලෝලීන්ට අවසන් ආචාරය පළ කළේ දශක දෙකකට ආසන්න සිය ක්රිකට් දිවියේත්, ශ්රී ලංකා ක්රිකට්වලත් දීප්තිමත් මොහොතේ ගෞරවනීය සමුගැන්මක් සටහන් තබමිණි.
මහේල සංගා බැදීමේ සංවේදී බව යළි යළිත් සපථ කරමින් එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල අත්පත් කරගන්නේ වසර හතකට පසු පන්දු යැවූ මහේලගේ පන්දුවක් හමුවේ කුමාර් සංගක්කාර ස්ටම්ප් කිරීමකිනි.
ආදරණීය මිතුරන් දෙදෙනෙකු, ක්රිකට් ලෝකයේ මහත්වරුන් දෙදෙනෙකු, සහෝදර ක්රීඩකයන් සඳහා දයාබර මගපෙන්නනන් දෙදෙනෙකු වූ ඔවුන් දෙදෙනා මවුබිමේ අභිමානය ලොකයේ ඉහළින්ම තබා දේශීය තරග බිමෙන් මෙසේ සමුගත්හ.
ඡායාරූප - ශාන්ත රත්නායක