මුදල් විශුද්දීකරණය ඇතුළු චෝදනා හයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීම සඳහා ඇප අයැඳුමක් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් කටයුතු කරනු ලැබීය.
අද (17දා) ඇප අයැඳුම ඉදිරිපත් කළ අතර මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථවට පැමිණියේය. අධිනීතිඥයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා මහාධිකරණයට නීතිඥයෙකු ලෙසින් පැමිණියේය.ඔහු නීතිඥ ලෝගුවද පැළදීය. මහින්ද රාජපක්ෂ මහතා එළෙස පැමිණියේ බොහෝ කාලයකින් බවද පැවැසෙයි.