පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිතය තුළදි තනි දළයා නමින් ප්රකටව සිටි ඇතා මරා දමා ඇති බව වනජීවි නිළධාරින් පවසයි.
තනි දළකින් පමණක් සන්නද්ධව සිටි තනි දළයා පසුගිය කාලය පුරාම කල්අඩිය රජයේ තේක්ක රක්ෂිතය තුළ සැරිසරමින් සිටියේය. මෙම හස්තියා වයස අවුරුදු තිහකට වැඩි බවත් උස අඩි නවයකට ආසන්න බවද ජාන වල පැවති යම් හේතුවක් නිසා උපතේදිම තින දළකට පමණක් උරුමකම් කියා ඇති බව වන ජීවි නිළධාරින් පවසයි.
කෙසේ නමුත් තනි දළයාගේ දළ අඩි තුනකට ආසන්න ප්රමාණයකින් සමන්විතව තිබුණි .
ගවයින්ට තණ කැවිම සදහා ගිය කිරි ගොවියකු තනි දළයා මරණයට පත්ව ඇති ආකාරය (9 ) දින දැක වන ජීවි නිළධාරින් දැනුවත් කර තිබු අතර වන ජීවි නිළධාරින් තනි දළයාගේ සිරුර සොයා ගන්නා අවස්ථාවෙදි සිරුරේ වෙඩි පහර කිපයක් තිබු බව කියයි.