පියාගේ දේහයට වැද ශිෂ්‍යත්වය ලියන්න ගිය හර්ෂි
මොළේ පිළිකාවක් හේතුවෙන් හදිසියේම මිය ගිය සිය පියාගේ දේහය ගේ තුළ තිබියදී ඊයේ (20දා) පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට ගිය දියණියක් සූරියවැව විහාරගල ප්‍රදේශයෙන් වාර්තාවිය.
අංක 4734, සමගිපුර, විහාරගල, සූරියවැව ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක් වූ එම්.පී.සෝමදාස මහතාට මොළේ පිළිකාවක් ඔහු 18 දින සවස මියගොස් තිබේ. මිය යන විට ඔහුට දියණියන්ම 06ක් සිටියහ.
ඉන් දෙදෙනෙකු පමණක් විවාහවී වෙන්ව සිටි අතර ඉතිරි දියණියන් සිවුදෙනා පියා සමග නිවසේ ජීවත් වූහ. ඒ අතරිනුත් දියණියන් තිදෙනෙක්ම පාසැල් අධ්‍යාපනය හදාරති. එක් දියණියක් ඊයේ(20) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර තවත් දියණියක් 21 දින පැවැත්වෙන උසස් පෙළ විභාගයටත් පෙනී සිටීමට නියමිතය.
පියාගේ මෙම හදිසි මරණයත් සමගින් ඊයේ (20) ශිෂ්‍යත්ව විභාගය සඳහා එම්.පී. හර්ෂි සඳමාලී දියණිය නිවසින් පිටත්ව ගියේ පියාගේ දේහයද නිවසේ තැන්පත් කර තිබියදීය. දියණිය මවට වැඳ පසුව පියාගේ දේහය අසලට ගොස් වැද විභාගය සඳහා ගියාය.
සූරියවැව - නුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

