ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්රීවරුන් අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව නැවතත් එළැඹෙන 21 දා තෙක් දින 11කින් කල් තැබීමට කතා නායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
විපක්ෂයේ මන්ත්රීවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ කතා කිරිමට වැඩි කාලයක් ලබාදීමට ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු විරෝධය දැක්වීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.