(VIDEO) අද පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය තුළදී හටගත් නොසන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව සැසිවාරය තාවකාලිකව විනාඩි 10කට අත්හිටුවීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ විරෝධතාවයක නිරත විය. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරන්නේ අගමැතිවරයා කතා කරමින් සිටින විට ඔහු දෙසට යමකින් දමා ගැසූ බවයි.
විපක්ෂයේ නොසන්සුන්තාව හමුවේ අග්‍රාමාත්‍යවරයා සිය කතාව ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කළේය. ඉන් අනතුරුව විනාඩි 10කට සැසිවාරය අත්හිටුවීය.
පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායකවරයා කටයුතු කළේය.
මෙහිදී මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවිය.
එහිදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කලන්තේ දමා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමටත් කටයුතු කළේය.
පසුව පාර්ලිමේන්තුව 23 දා දක්වා කල් තැබිණ.