පාකිස්තාන ජනරජ දින සැමරුමට ජනපති එක්වෙයි
පාකිස්තාන ජනරජ දින සැමරුම් උළෙල අද (23දා) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී පැවැත්වුණු අතර එහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ ශ්රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතායි.
උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිවරයා පාකිස්තාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ පැමිණිමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර දෙරටේ ජනාධිපතිවරු ඇතුථ පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාලිය සහ විචිත්රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්විය.
පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සදහා එක්ව සිටියහ.
අනතුරුව පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා විසින් උළෙල ඇමතූ අතර ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් තම නිල ඇරයුම පරිදි පාකිස්තාන ජන රජ දින සැමරුම් උළෙලට සහභාගීවූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත එහිදී පාකිස්තාන ජනාධිපතිවරයාගේ ස්තූතිය පිරිනැමිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    














                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                