අපිරිසුදු ජලය පිරිපහදු කර පිරිසුදු පානීය ජලය බවට පත්කරන නවීන උපාංගයන්ගෙන් සමන්විත නව ජල පිරිපහදු උපකරණයක් හඳුන්වාදීමේ හමුවක් අද (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
BRJW පෞද්ගලික සමාගම විසින් නව පිරිපහදු උපකරණය හඳුන්වාදෙන අතර, ඕනෑම තත්ත්වයක අපිරිසුදු ජලය තත්පර කිහිපයක් තුළ පිරිසුදු පානීය ජලය බවට පත්කර ගතහැකි වනසේ සකස්කර ඇති එම උපකරණය මහා බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද්දකි. එම උපකරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයටද ලක්විය.