හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත්කර තිබේ. ඒ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගිනි.
මේ අතර නව ජනපති ලේකම් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මෙන්ම ශ්‍රී ලංක පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද වැඩ බාරගත්තේය.
නව යුද හමුදාපති ලෙස හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මහේෂ් සේනානායක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කොට ඇති අතර ඔහු මේජර් ජනරාල් ධුරයේ සිට ලුතිනන් ජනරාල් ධුරය දක්වා උසස්වෙනු ඇත.