නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා වශයෙන් පත්වූ ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (29දා) උදෑසන සිය තනතුරේ වැඩ භාර ගත්තේය.
මේ නිමිත්තෙන් ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක් පිරිනමන ලද අතර ත්‍රිවිධ හමුදා සිය උත්තමාචාරය පුදකිරීමෙන් අනතුරුව මෙරට පස්වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වරයා ලෙස ක්‍රිෂාන්ත ද සිල්වා මහතා වැඩ භාරගැනීම සිදුවිය.
1980 පෙබරවාරි 06දා කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා 2015 පෙබරවාරී 22 දා ලුතිතන් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවේ 21වන හමුදාපතිවරයා වශයෙන් පත්කරන ලදී.
මෙයින් අනතුරුව පෙරේදා (27දා) ජනපතිවරයා විසින් ඔහු ජෙනරාල් නිලයට උසස් කරන ලදී.