ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා
දැදුරු ඔය ජලාශයේ නින්දගම, පැරණි වෙල්යාය ආශ්රිතව සිදුවන නීතිවිරෝධී මහා පරිමාණ වැලි සහ පස් ජාවාරම හේතුවෙන් ජලාශය දැවැන්ත විනාශයකට ලක්වෙමින් ඇති බව ප්ර‘දේශවාසීහු පවසති.
මාස තුනකට ආසන්න කාලයක් පුරා සිදුවන මෙම දැවැන්ත පරිසර හානිය පිළිබඳ කිසිදු වගකිව යුතු නිලධාරියෙකුගේ අවධානය යොමු නොවීම බරපතළ තත්ත්වයක් බවට ඔවුහු චෝදනා කරති.
නින්දගම, වඳුරැස්ස, තඹගල්ල ආශ්රිතව පිහිටි දැදුරු ඔය ජලාශයේ රක්ෂිත තුළ නින්දගම පැරණි වෙල්යායෙහි ස්කැවේටර් යන්ත්ර තුනක් යොදාගනිමින් මහා පරිමාණ ලෙස වැලි කැපීම සිදුවන බවත්, මෙලෙස කපනු ලබන පස් සහිත වැලි ටිපර් රථ 30කට ආසන්න ප්රමාණයක් යොදාගනිමින් ප්රවාහනය කරන බවත් ප්ර‘දේශවාසීහු ප්රකාශ කරති.
කිසිදු බියකින්, සැකයකින් තොරව සිදුවන මෙම දැවැන්ත විනාශය හේතුවෙන් ජලාශය අවදානමක තිබුණද, නීතිය ක්රියාත්මක කරන නිලධාරීන් මුදලට ගිජුව නීතිය පසෙකට දමා ඇතැයි ඔවුහු චෝදනා කරති.
දැදුරු ඔය ජලාශය ඉදිකිරීමේදී ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම්වල මෙම ජාවාරම සිදුවන බවත්, මේ සඳහා ප්රදේශයේ දේශපාලඥයෙකු ඍජුව මැදිහත්ව කටයුතු කරන බවත් ප්ර‘දේශවාසීහු පෙන්වා දෙති.
මේ පිළිබඳ කුරුණෑගල වාරිමාර්ග අධ්යක්ෂ මාලනී කුලතුංග මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ, “මේ කිසිම කෙනෙකුට බලපත්ර ලබාදීමක් කර නැහැ. මේක කිසියම් පිරිසක් සිදුකරන නීතිවිරෝධී ක්රියාවක්. වහාම මේ ගැන සොයන්න කටයුතු කරනවා. මොකද මේ ජාවාරම්කරුවන් නිසා අපට පුදුම කරදරයක් සිදුවෙලා තිබෙන්නෙ" යනුවෙනි.
popular news
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
ගෘහස්ත ක්රිකට් ප්රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්රීඩකයෙකුට ටෙස්ට් වරම්
තවදුරටත් ඉහල යන රන් මිල
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd