කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
එප්පාවල , කැලේසියඹලෑව වැවේ සිට ගොඩට පැම්ණි අඩි 07 ක් පමණ දිග හැළ කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා වනජීවී නිළධාරීන්ට භාර දුන්හ.
ඊයේ (15) ප්‍රදේශයට පැවති ධාරාණිපාත වර්ෂාවෙන් අනතුරුව රාත්‍රී 11.00 ට පමණ මෙම කිඹුලා ඇඳගල බුල්නෑව ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරනු දුටු ප්‍රදේශවාසීන් විසින් මෙම කිඹුලා අල්ලා ගැටගසා තබා ගෙන අද (16) තලාව වනජීවී කාර්යාල නිළධාරීන්ට භාර දුන්හ.
වනජීවී නිළධාරීන් විසින් මෙම කිඹුලා විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙත ගොස් මුදා හැරීමට නියමිතය.
ප්‍රදේශවාසීන් පවසන්නේ එප්පාවල, නබඩවැව ශ්‍රී සුමංගල විද්‍යාලයට යාබදව පිහිටි කැලේසියඹලෑව වැවෙහි කිඹුලන් 6/7 දෙනෙකු සිටින බවත්, වසර ගණනාවකට පසු වැව සුද්ධ පවිත්‍ර කිරීම පසුගිය දින වල සිදු වූ බවත්, ඉන් පසු මෙම කිඹුලන් රැදී සිටීමට තැන් නොමැතිව පාසල් භුමියට පවා පැමිණෙන බවත්, ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාවට දෙමාපියන් වැව් පිටියේ කිඹුලන් පැමිනීම මුරකරන බවත්ය.
එසේ වැවේ රැදී සිටි කිඹුලකු මෙලෙස ගොඩට පැමිණි පසු ඇල්ලු බවත්, තවත් කිඹුලන් කීපදෙනකු වැව තුළ සිටින බවත් ඔවුන් පවසති.
ප්‍රදේශයේ ජනතාව ස්නානය කිරීමට හා ධීවර කටයුතු සදහා මෙම වැව යොදා ගන්නා බැවින් ජනතාවගේ ආරක්ෂාව හා කිඹුලන්ගේ ආරක් ගැන සලකා බලා මෙම කිඹුලන් ඉවත් කර වෙනත් සුදුසු ස්ථානයනට ගෙන ගොස් දමන ලෙස නිළධාරීන් හා බළධාරීන්ගෙන් ගම්වාසීන් ඉල්ලා සිටිති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

