මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (07දා) නිකිණි පෝදා වීදි සංචාරය කෙරෙන අතර එය නැරඹීම සඳහා දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවර නගරය වෙත පැමිණ සිටිති.
මෙ හේතුවෙන් දළදා පෙරහර විදී සංචාරය කරනු ලබන සියලුම (දළදා වීදිය, යටිනුවර වීදීය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, රජවීදිය) වීදි පස්වරු 4.00 පමණ වනවිටත් පිරි ඇති අයුරු දැකගත හැකිවිය.
එමෙන්ම පෙරහර නරඹීමට පැමිණීම සඳහා විධිධ ආයතන විසින් නොමිලේ ප්‍රවාහන සේවා සැපයීමත්, නරඹන්නන් සඳහා දන්සැල් පැවැත්වීමත් වෙනත් වෛද්‍ය ඇතුළු විවිධ පහසුකම් රැසක් ලබාදීමටත් විවිධ අයාතන හා සංවිධාන එක්ව කටයුතු යොදා ඇත.
දුම්බර- එම්. ආර්. ප්‍රදීප්
දුම්බර- එම්. ආර්. ප්‍රදීප්