www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
(UPDATE) තඹුත්තේගම පැවැති විරෝධතාවයකදී කළහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 59ක් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් 50 දෙනෙක් එළැඹෙන 05 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඉතිරි 9 දෙනා ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.
තඹුත්තේගමදී කලහාකාරීව හැසිරුණු 50ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියේ සිවු දෙනෙකු ඇතුළු 09 දෙනෙකු තුවාල ලබා ඇත.
(UPDATE) තඹුත්තේගමදී කළහකාරී ලෙස හැසිරුණ සිවිල් වැසියන් 40ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. එම සිදුවීමෙන් පොලීසියේ 4ක් තුවාල ලබා ඇත.
තඹුත්තේගම ගොවියන් පිරිසක් විසින් පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පෞද්ගලික අංශය විසින් රාජාංගණය ජලාශයේ ජලය යොදාගනිමින් ආරම්භ කිරීමට නියමිත පානීය ජල ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
විරෝධතාකරුවන් රාජාංගනය පොලීසියට ගල් ප්‍රහාර එල්ල කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
රුපියලේ අද තත්වය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd