ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය ඩෙංගු රෝගය පාලනය කිරීමට ඩෙංගු මදුරුවාගේ කීටයන් අනුභව කරන ශාක භක්ෂක මදුරු කීටයෙකු හඳුන්වාදී තිබේ.
ඩෙංගු රෝගය පාලනය කිරීමේ ජෛව පාලනය ක්‍රමයක් ලෙස පෙන්වා දී ඇති මෙම ක්‍රමය හඳුන්වාදීම අද (22දා) එම පර්යේෂණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සිදුකෙරිණි.
ටොක්සරින්ඉන්කයිටිස් (Toxorchynchites) යන විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වන මම මදුරුවා අනුවර්තනය වී ඇත්තේ ග්‍රාමීය පරිසරයන්ට බැවින් ගැහැනු සහ පිරිමි සතුන් දෙවර්ගයම මල්පැණි හා ශාකසාරයන් බීමට හැඩගැසී ඇත.
ඔවුන් නිර්මාණය වූ පරිසර තත්ත්වයන් නාගරික පෙදෙස්වල දැකිය නොහැකි බැවින් නාගරික පරිසරයට මේ මදුරුවා අනුවර්තනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉදිරියේදී පර්යේෂණ කිරීමට නියමිත බව පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ