බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අද (14දා) උදෑසන අගරදගුරු නිල නිවසේදී පැවත්වුණි.
මේ වනවිට රට තුළ පවතින ආගමික හා සමාජීය කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
රටේ පවතින ගැටලු සම්බන්ධව විවිධ පාර්ශ්ව හමුවී සාකච්ඡා කිරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කර තිබෙන අතර එහි එක් අවස්ථාවක් ලෙස මෙම හමුව සිදුවිණි.