www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වෙන ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
වසර 12කට පසු පැවැති මෙම සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 89 දෙනෙක් ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙහිදී ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලියු.ඩී. අමරදේව සූරින් වෙනුවෙන් පිරිණමන ලදී.
1986 ජාතික සම්මාන පනත අනුව පිරිනැමුණ මෙම සම්මාන සඳහා සුදුස්සන් තෝරාගනු ලබුවේ ඒ ඒ පුද්ගලයන් විසින් හා මහජන සංවිධාන මඟින් එවනු ලබන නාම යෝජනා විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් පරීක්ෂා කොට මෙම සම්මාන ලැබිය යුතු පුද්ගලයන් තෝරාගනු ලබයි.
මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරෑ ජයසූරිය යන මහත්වරැන් සහ මැති ඇමතිවරුන් ද, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය.
සම්මාන ලැබූවන්
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd