ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් තායිවානයට වැඩම කරවීමේ පුණ්‍ය උත්සවයක් අද (26දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී සිදු කෙරිණි.
අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් සංවිධානය කරන ලද මෙම පුණ්‍යෝත්සවය සඳහා රටවල් 150ක භික්ෂූ භික්ෂූනී ප්රමුඛ දූත පිරිසක් පැමිණ සිටියහ.
තායිවානයට වැඩමකිරීමට නියමිත වූ බෝධි අංකුරය සඳහා සිදුකෙරෙණ සාම්ප්‍රදායික තේවාවන්ගෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තායිවානයේ ‘තයිචෝන් හූ ෂාන්‘ විහාරාස්ථානයේ විහාරාධිපති චූ ෂිං හිමිපාණන්ට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරය පූජා කිරීම අටමස්ථානාධිපති අචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් සිදුකරනු ලැබූහ.