ඉතාලියේ සහ වතිකානුවේ චාරිකාවක් සඳහා රෝමයට ළගා වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (03දා) පෙරවරුවේ වතිකාන මාළිගයේ දී පළමුවැනි ෆ්රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවේය.
මේ හමුවේ දී ජනාධිපතිතුමා ලබන වසරේ ජනවාරි මාසයට සැලසුම් කර ඇති පාප්තුමන්ගේ චාරිකාව සඳහා නිල ඇරයුම උන් වහන්සේ වෙත පිළිගැන්වීය.
රෝමයේ වේලාවෙන් අද උදේ 10.30ට පමණ මෙම හමුව සිදුවිය.