චීන ෂැඔලින් සංදර්ශනය
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය ත්රාත්තික සබඳතා ආරම්භ කර වසර 60ක් සපිරීමත්, චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ රබර් - සහල් ගිවිසුමට වසර 65ක් සපරීමත් නිමෙත්නෙත් පැවැත්වූ වැඩසටහන් මාලාවේ අවසන් අංගය ලෙස චීන ෂැඔලින් කුන්ෆු සංදර්ශන මාලාවක් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැති මෙම සංදර්ශනයේදී ‘සොන්ග්ෂාන් ෂාඔලින් වීර ස්වාමීන් වහන්සේලාගේ විහාර’ පුහුණු කඳවුරේ සටන් ශිල්පීන් සහ ‘ෂෙන්ග්ෂූ සොන්ග් ඇන්ඞ් ඩාන්ස් තියටර්’ සටන් සංදර්ශන සහ නර්තනාංග ඉදිරිපත් කළේය.
කොළඹ චීන තානාපති කාර්යාලය, චීන සංස්කෘතික අමාත්‍යාංශය සහ චීනයේ හැනන් පළාත් ආණ්ඩුවේ අනුග්‍රහාය ඇතිව චීන ශ්‍රී ලංකා සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානය, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංවිධානය, ශ්‍රී ලංකා චීන සමාජය සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව මෙම ‘චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන’ මාලාව සංවිධානය කළේය. එහි අවසන් සංදර්ශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 17 දා පැවැත්විණ.
විහාර මහාදෙවි එළිමහන් රංග පීඨය ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.































































