www.ada.lk
2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා
ආපදාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා චීන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් ඊයේ (31දා) කොළඹ වරායට සේන්දු වීය. වෛද්‍ය කණ්ඩායම් පහක් (5) සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක් දිවයින පුරා විපතට පත් ජනතාව උදෙසා සහන සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කටයුතු කිරීමට නියමිතය.
චීන නාවික හමුදාවේ ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් මෙසේ දිවයිනට පැමිණියේය. නිලධාරීන් 204කින් සමන්විතව සමස්ත චීන නාවික හමුදා සාමාජිකයන් 716ක් නෞකා තුනෙන් දිවයිනට පැමිණියහ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද ඊයේ සවස එම නෞකාවන්හි චාරිකාවක නිරත විය. එහිදී චීන රජය විසින් ආපදා සහන සඳහා මෙරටට රැගෙන එන ලද කුඩා යාත්‍රා සහ සහනාධාර විශාල ප්‍රමාණයක් නිල වශයෙන් නාවික හමුදාධිපතිවරයාට පිරිනැමීම සිදුවිය.
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd