(VIDEO) අද (12දා) සිට දින හතක කාලයක් රාජගිරියේ සිට ආයර්වේද මංසන්ධිය දක්වාත් ආයුර්වේද මංසන්ධියේ සිට රාජගිරිය දක්වාත්, ද්විත්ව මංතීරු ප්‍රමුඛතා මංතීරු ලෙස කි‍්‍රයාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය අද උදෑසන ආරම්භවිය. දීර්ඝ කාලීනව කොළඹ වාහන තදබදයට විසඳුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම අධ්‍යනය කි‍්‍රයාත්මකයි.
යුරෝපා රටවල මෙන්ම සිංගප්පූරුව වැනි රටවලද ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඉතා සර්ථකව භාවිතයට ගැනේ. මේ වන විට බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කොළඹ කොටුව දක්වා ප්රමුඛ කාලයේදී (පෙ.ව. 07.00 - 09.00 දක්වා සවස 4.30 - 7.00අතර) අවම වශයෙන් පැයකට බස්රථ 150 - 180 ත් අතර ප්‍රමාණයක් ධාවනය කෙරේ. එම බස්රථ තුළ මගීන් 8,000 - 10,000ක් අතර ප්‍රමාණයක් ගමන් කර ඇති බවට තක්සේරු කර ඇත.
මගී බස්රථ ආශ්රයෙන් ගමනා ගමනය සිදු කරන ජනතාව ඉක්මනින් තම ගමනාන්තය දක්වා ගමන් කිරීමට අවශ්‍ය මාර්ග සහ ප්‍රවාහන පහසුකම් සැලසීම මෙහි අරමුණ වෙයි. දීර්ඝ කාලීනව පෞද්ගලික සහ රජයේ මගී ප්‍රවාහන සේවය විධිමත්ව සහ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම ද මෙමගින් සිදුකෙරේ.
අද සිට දින 07 ක කාලයක් ප්‍රමුඛතා මංතීරු නියමු වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමේදී සිදුවන අඩුපාඩු වලින් පසුව බත්තරමුල්ලේ සිට කොටුව දක්වා කි.මි. 10 ක දුර ප්‍රමාණයක් ප්‍රමුඛතා මංතීරුව විධිමත්ව කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිතය.
VIDEO