කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද නිවාස 437කින් සමන්විත දෙමටගොඩ, සියපත් සෙවණ, නව නිවාස සංකීර්ණය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) උදෑසන සිදු කෙරිණි.
‘නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙළ යටතේ මෙම නිවාස ඉදිකර ඇති අතර, ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 1,748කි.මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන අංශය විසින් මෙය කි‍්‍රයාත්මක කර තිබේ.
මෙම වැඩසටහන යටතේ 2016,2017 වර්ෂවලදී රුපියල් මිලියන 7,496ක ආයෝජනයෙන් නිවාස 1,874ක් ඉදිකර ජනතා අයිතියට පවරාදී තිබෙන අතර, 2018 වසරේ මැයි මාසය අවසන් වන විට රුපියල් මිලියන 5,756ක ආයෝජනයෙන් තවත් නිවාස 1,439ක් ජනතා අයිතියට පවරාදීමට නියමිතය.
2020ට ප්‍රථම අඩු ආදයම්ලාභී පවුල් වෙත ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 42,330ක ආයෝජනයෙන් නව නිවාස 9,100ක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර, හේනමුල්ල, දෙමටගොඩ, අංගොඩ, මට්ටකුලිය, මාලිගාවත්ත, කොළොන්නාව, බ්ලූමැන්ඩල් යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම නව නිවාස සංකීර්ණ ඉදිකෙරේ.
නව නිවාස ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිවාස 10ක යතුරු නිවාසලාභීන් වෙත ප්රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු කෙරිණි.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ