ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ සඳහා පෝස්ටර්, කටවුට් හා බැනර් භාවිතා කළ ආකාරය පිළිබඳව ඔහුට විවිධ චෝදනා එල්ල වන්නට විය. පසුගිය ජනපතිවරණය ඒ සඳහා හොඳම උදාහරණයයි. එහිදී එම කරුණු විවේචනය කරමින් සමාජ මාධ්‍ය හරහා විශාල විරෝධයක් ගෙන ගියේය. එසේම හිටපු ජනපතිවරයාගේ මැතිවරණය මෙහෙයවූවන් සිදුකළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහුගේ ඡන්ද ව්යාපාරටද දරුණු බලපෑමක් ඇතිවිය.
නමුත් එවකට පොදු අපෙක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්ද ව්‍යාපාරයේදී පෝස්ටර්, කටවුට් හා බැනර් භාවිතය අවම වශයෙන් සිදුකළ අතර ඒ සඳහා වැය වන මුදල් ඉතිරිකර වකුගඩු අරමුදලක්ද ස්ථාපිත කළේය.
මෙවැනි වාතාවරණයක් යටතේ එළැඹෙන 04 දා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සුබ පතා කොළඹ නගරයේ මංමාවත්හි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව රැගත් පෝස්ටර් කටවුට් හා බැනර් විශාල ලෙස ප්‍රදර්ශනය කර තිබේ. විවිධ පාර්ශ්ව විසින් මෙම ප්රචාරක පුවරු නිර්මාණය කර තිබෙන අතර එය පක්ෂයට සුබ පැතුම් එක්කරමින් සිදුකර තිබේ.
කෙසේ වෙතත් එයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව යොදා ගැනීම හේතුවෙන් එය ජනපතිවරාගේ ප්‍රතිරූපයට හානියක් සිදුවෙන බව විචාරකයන්ගේ අදහසයි. කොළඹ දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ සංවිධායකයන් විසින් මෙම ක්‍රියාමාර්ගය සිදුකර තිබේ.එසේම මේ වන සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව විශාල කතිකාවතක්ද නිර්මාණය වී තිබේ. විවිධ පාර්ශ්ව වලින් සිදුකරන මෙම ක්‍රියා හේතුවෙන් ජනපතිවරයාගේ නමට නම් සිදුවන්නේ පිරිමැසිය යුතු පිරිවැයකි.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd