2015 වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ලබා දෙන ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් අද (04දා) දිවයිනට ගෙන එනු ලැබීය.
මෙය ලෝක කුසලාන තරගාවලිය සඳහා සඳහා සහභාගී වන රටවල් 12 වෙත ගෙන යාමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපානායක ළහිරු තිරිමාන්නද එම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.
මෙම අවස්ථාව සඳහා ක්‍රිකට් කවුන්සිලයේ නිල නියෝජිත ගොඩ්රිච් සින්ග් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් දි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈස්ලි ද සිල්වා මහතාද සම්බන්ධ වූහ.