ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 15 වන බදාදා
එංගලන්තයේ ඊයේ සිදු වූ ප්‍රහාරයට අදාළව එංගලන්ත පොලීසිය කරනු ලැබූ විමර්ශන වලට අදාළව සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව හතරක් බවට පොලීසිය තහවුරු කර තිබේ. කාන්තාවක, පිරිමි පුද්ගලයෙකු, පොලිස් නිලධාරියෙකු හා ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මෙසේ මරණයට පත්ව ඇති පුද්ගලයෝ වෙති. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන 7 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
එංගල්න්තයේ ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට පදික වේදිකාවේ මෝටර් රථයක් පදවාගෙන යෑමෙන් මිය ගිය සංඛ්‍යාව පහ දක්වාත්, තුවාල ලැබූ සංඛ්‍යාව 40 දක්වාත් ඉහළ ගොස් තිබේ. ඊයේ (22දා) එංගලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මෙම සිදුවීම සිදු වූ අතර පසුව සැකකරු විසින් පොලිස් නිලධාරියෙකු තියුණු ආයුධයකින් පහරදී ජීවිතක්ෂයටද පත්කරනු ලැබීය. කෙසේ වෙතත් එංගලන්ත පොලීසියේ වෙඩි පහරින් සැකකරු ජීවිතක්ෂයට පත්විණ.
තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මිය ගොස් ඇති පොලිස් නිලධාරියා 48 හැවැරිදි කෙයිත් පල්මර් ලෙසින් හඳුනාගෙන ඇත. එංගලන්ත අගමැතිනී තේරේසා මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර සැකකරු ඉස්ලාමිය අන්තවාදී සංවිධානයකට අයත් පුද්ගලයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd