උමා ඔයයි - නියඟයයි නිසා රාවණා අැල්ල සිඳීයාමේ අවදානමක්
- 5 07 2017
- 16:37
- {{hitsCtrl.values.hits}} views
- . .
ඌව පළාතට මේ දිනවල පවතින දැඩි වියළි දේශගුණික තත්ත්වය හා උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් රාවණා දිය ඇල්ල සිඳීයාමේ අවදානමකට ලක්ව තිබේ.
කාලයක සිට මෙම ප්‍රදේශයට නිසි වර්ෂාපතනයක් නොලැබීමත් මේ වනවිට උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ හීල්ඔය ඇතුළු සියලු ඇළ දොළ සිඳීයාම නිසා කිරිඳී ඔයට ජලය නොලැබීම හේතුවෙන් මෙම දිය ඇල්ල මෙසේ සිඳී යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශය මතුපිට කිසිදු ස්ථානයක ජලධාරා නොමති වුවද, මේ වනවිට උමාඔය ව්‍යාපෘතියේ කැණීම් කටයුතු සිදුවන උමඟ තුළින් විශාල ජල පහරක් පිටතට ගලා බසින බව ඔවුහු පෙන්වා දෙති.
මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පානීය ජලළිං සහ දිය උල්පත් 3112ක් පමණ සිඳීගොස් තිබෙන අතර, ප්‍රදේශයේ පිහිටි නිවාස 7037ක් පමණ පුපුරා ගිලා බසිමින් විනාශ වෙමින් තිබේ.
බණ්ඩාරවෙල රවිඳු දසුන්
උමා ඔය උමගෙන් ජලය කාන්දු වෙන අයුරු
රාවණා ඇල්ලේ ජලය අඩුව ඇති අයුරු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
