ඉතාලි භූ කම්පනයේ මරණ 270 දක්වා ඉහළට
(UPDATE) මධ්‍යම ඉතාලියේ ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත්, භූ කම්පනයෙන් පසුව සුන්බුන් අතර සිරවී අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව අති විශාල විය හැකි බව ඉතාලි බලධාරීහු පවසති.
මිය ගිය පිරිසෙන් වැඩි දෙනා කුඩා දරුවන් බවත්, සුන්බුන් අතර සහන සේවා තවදුරටත් සිදුවන නිසා මියගිය පිරිස ඉදිරියේදී මීට වඩා වැඩිවිය හැකි බවත් බලධාරීහු වැඩිදුරටත් පවසති.
එරට වේලාවෙන් අලුයම 3.36 ට ඇති වී තිබෙන මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් වාර්තා වී තිබූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූ කම්පනය හේතුවෙන් වැඩිම බලපෑමක් ඇති වූ පළාත් ලෙස අමර්ට්රීස් හා ඇකියුමොයිල් සැලකෙයි. එම පළාත්වල ගොඩනැගිලි රැසක් සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
සුන්බුන් අතර සිරවී අතුරුදන්ව සිටින පිරිස් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් අරඹා ඇති බවද ඉතාලි බලධාරීහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














