අලි පැටවා බේරා ගත් අලි මෙහෙයුම
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි සිටි මාස තුනක් පමණ වයසැති අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව බේරා ගැනීමට හැකි විය.
අද (29දා) අලුයම අලි රංචුව සමග යමින් සිටියදී අලි පැටවා කාණුවට වැටි ඇති ඇති අතර කාණුවේ වැටි සිටි තම පැටවා දමා යාමට ඇතින්නිය කට යුතු නොකළ අතර පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන්ට සිදුවි. නමුත් විටින් විට පැටවා සොයා ඇතින්නිය එම ස්ථානයට එන්නට විය .
පැය හතරක පමණ දැඩි මෙහෙයුමකින් පසුව අලි පැටවා ගොඩට ගැනීමට හැකිවුවත් පැටවාගේ පසුපස පාදයේ ඇතිව තිබු ආබාධිත තත්ත්වයක් නිසා පැටවා කැළයට මුදා හැරීම නොහැකි බවත් උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනගොස් ප්‍රතිකාර කළයුතු බවත් පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ. ධර්මකිරිති මහතා පැවසිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.















