පාර්ලිමේන්තුවේදීත් ජනමාධ්යයේදීත් ආණ්ඩුවේ ආර්ථික ප්රතිපත්තියේ ප්රධාන විවේචකයා වී සිටින්නේ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වායි. කතානායකවරයා විසින් වාර්ෂිකව පවත්වන රාත්රී භෝජන සංග්රහයට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිවරයා හර්ෂට යමක් කිව්වා. හර්ෂ එයට උත්තර දුන්නේ ජනාධිපතිවරයා ගේ කණට මුමුණමින්. ජනාධිපතිවරයා සැලුන් දොරෙන් ඇතුළු වන්න කීවාද නැත්නම් 'ඇයි ඔච්චර කෑ ගහන්නේ...' කියා ඇසුවාද දන්නේ නැත. එවිට හර්ෂ, විමල් ඇමතිතුමා පෙන්වමින් 'අරය වගේ බොරැවට කෑ ගහල නම් වැඩක් නෑ' කිව්වද මන්දා....