අපි හාවොත් නෙමෙයි බබ්බුත් නෙමෙයි - ලහිරු
(VIDEO)මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ලිට් ආයතනය හා අනුබද්ධ කර වෛද්‍ය උපාධිය පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවත් තමන්ට සයිටම් යන නම සමග ගැටලුවක් නොමැති බවද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පවසයි.
සයිටම් ආයතනයට එරෙහිව කොළඹ කොටුවේදී අද (14දා) පැවැති විරෝධතාවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“අපි කිව්වේ සයිටම් අහෝසි කරන්න කියලයි. අපිට තිබුණේ නමේ ගැටලුවක් නෙමෙයි. අපිට තිබෙන්නේ මේකෙ තාත්තා කවුද? උප්පැන්නේ තියෙන්නේ මොකක්ද තියෙන්නේ කියන ගැටලුව නෙමෙයි. දැන් ආණ්ඩුව හදනවා සයිටම් නම වෙනස් කරලා ඒකට නීතිමය භාවයක් දෙන්න. මේක (සයිටම්) මාලඹේ ස්ලිට් ආයතනය සමග අනුබද්ධ කරලා වෛද්‍ය උපාධියක් දෙන්න අනුමත කර තිබෙනවා.
අපිට තිබෙන්නේ නමේ ප්‍රශ්නයක් නෙමෙයි. සයිටම් එකේද අධ්‍යාපනය විකුණන්නේ, ස්ලිට් එකේද අධ්‍යාපනය විකුණනනේ ද කියන ප්‍රශ්නයත් නෙමෙයි අපිට තිබෙන්නේ. අධ්‍යාපනය විකිණීම ගැනයි අපිට ප්රශ්නය තිබෙන්නේ. මේවා නොතේරෙන්න අපි හාවොත් නෙමෙයි බබ්බුත් නෙමෙයි.” යැයිද පවසා සිටියේය.
ඡායාරූප හා වීඩියෝ ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

