අපට චෝදනා කරන්නෙ ඔක්කොම හොරු ටිකයි
රවි කරුණානායක මහතා අද (10දා) සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි සිය නිවසට පැමිණියේය. ඒ අවස්ථාව වනවිට එතුමාගේ පාක්ෂිකයන් රැසක් එම නිවස ආසන්නයට එක්රැස්ව සිටියහ. එහිදී රවි කරුණානායක මහතා සිය පාක්ෂිකයන් අමතමින් සඳහන් කර සිටියේ,
“අපේ ගෙදර දැන් පේනවා හදන ගෙදර. මේ නිසා තමයි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙන්නේ. ඔබ සියලු දෙනා දන්නවා කවුද මම කියන්නේ කියලා. මට අවශ්‍ය වන්නේ මම අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කළා. අපිට ඇඟිල්ල දිගු කරන්නේ මේ රටේ ඔක්කොම හොරු ටිකයි.
අපි පිරිසුදුයි. අපි ඉදිරියට යන්න ඕනෑ. රට සුද්ද කරන්න ඕන. අපි හැම දෙනාම එකතු වෙලා රටක් හදමු. මම මේ තීන්දුව ආඩම්බරයෙන් ගත්තේ. මට පෙන්නේ ඕන අනිත් අයටත් මට කරන්න පුළුවන් නම් ඇයි ඒ අයට බැරි කියලා.
අපි ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ ඉන්නවා වගේ. අපි දැන් එකතු වෙලා සැබෑ ආණ්ඩුවක් හදලා ජනාධිපතිත් අගමැතිත් සමග එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනි යන්න ඕනෑ. මම ඒ කැපවීම කළේ අහිංසක දුකින් සිටින ජනතාවට නෑ අලුත් දවසක් තියෙනවා කියලා පෙන්නවයි. අපි ඉදිරියට ගමන් කරමු.
මාධ්‍ය නිරන්තරයෙන්ම දවස් 12ක්, මම හිතන්නේ ජනපතිවරයෙකුටවත් (ප්‍රසිද්ධියක්) දුන්නැති මාධ්‍ය මට කිසිම මිලක් නොදී දීම ගැන මගේ විශ්වාසය. මට මේක දරා ගන්න පුළුවන්. නමුත් මගේ බිරිඳටත් දරුවන් දෙදෙනාටත් මේ කරන එක සාධාරණද? මින් ඉදිරියට අලුත් දේශපාලන සංස්කෘතියක් සමගින් ගමන් කරන්න ඕනෑ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

