නැසී ගිය විශාරද ගුණදාස කපුගේ මහතාගේ 72වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇල්පිටිය, කහදූව, මිරිස්වත්තේ ගුණදාස කපුගේ සමරු පදනම මගින් සංවිධානය කළ සමරු උලෙළට සමගාමීව මිරිස්වත්ත සණස ශාලාවේදී පැවැත්වුණු ලේ දන්දීමේ කඳවුරට එක් අතක් හා පා දෙකම අහිමි ආබාධිත රණවිරුවෙකු පැමිණ ලේ දන්දීමේ සංවේදී දසුනක් දැකගත හැකිවිය.
ඔහු නමින් ටී.ටී.තුෂාර නම් වූ තෙදරු පියෙකි.ශ්රී ලංකා ගැමුණු සේවා බළකායේ විශ්රාමික වර්ණ සැරයන්වරයෙකු වූ ඔහු මුලතිව් කඳවුරේ ක්රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී 2009.03.02 දින මෝටාර් උණ්ඩයකින් අතක් හා පා දෙකම අහිමි වී ඇත.
සරත් ආනන්ද